Posts

සිංහල වෙදකම අතීතයේ පටන්ම සිංහල ජන සංස්කෘතියත් සමග බැදී පැවතෙන කොටසක් ලෙස සිංහල ජන වෙදකම හඳුනා ගත හැකිය. 1. සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට                                                                 අමු ඉගුරු , කොත්තමල්ලි , පත්පාඩගම් , කටුවැල් බටු , කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි. 2. සෙම්ප්‍රතිශ්‍යා උණට අමු ඉගුරු , කොත්තමල්ලි , පත්පාඩගම් , කටුවැල්බටු , දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින් බොන්න.(වඩි 3 පමණ) 3. කැස්ස සහිත සෙම්ප්‍රතිශ්‍යා උණට තිප්පිලි කළං 1 යි , අමු ඉගුරු කළං 2 යි , බැදපු කොත්තමල්ලි කළං 3 යි , වතුර පත 8-4 සිඳුවා වී පොරි කළං 6 ක් දමා පත එකට සිඳුවා සහිඳ ලුණු කළඳක් දමා උදේ හිස්බඩ එකවර පතම බොන්න. 4. සෙම සහිත කැස්සට අමු ඉගුරු , කටුවැල් , බටු තිප්පිලි , සුවඳ කොට්ටන් කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 ට සිඳ උදේ සවස සීනි දමා වඩි කීපයක් බොන්න. 5