ජන
සංස්කෘතිය තුල සන්නිවේදනයේ භූමිකාව
ලෝකයේ ඕනෑම ප්‍රදේශයක
කුමන කාලයක වූවද පැවති ශිෂ්ටාචාරයක හෝ
සමාජයක සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වන්නේ දැනුම රැස් කිරීම හා
බෙදාහැරීමය.මිනිසා විසින් කාලයෙන් කාලයට රැස් කරගන්න දැනුම මීලග පරම්පරාවට දායාද
කරදීමය. මිනිසා තම දැනුම උපයෝගී කරගෙන නව නිපැයුම් කිරීමටත් , සොබාදහම පාලනය
කිරීමත් ෙභෟතික සම්පත් මිනිසාගේ ප්‍රයෝජනය
සදහා පරිවර්තනය කිරීමට පෙළඹීම ප්‍රතිඵලත් වශයෙන් ප්‍රාථමිකසමාජ ජීවිතය ගතකල මිනිසා
21 වෙනි සියවස තුල සමාජය දක්වා පිවිසි ඇත . එසේ පිය නැගීමට ප්‍රධානම හේතුව වී
ඇත්තේ සන්නිවේදනයයි .
සන්නිවේදනයේ අර්ථ නිරුපණය
සන්නිවේදනය
යනු යම්කිසි තැනෙත්තෙකු විසින් කිසියම් මාධ්‍යක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට
කිසියම් තොරතුරක් පණිවිඩයක් දැනවීම සේ සරලව අර්ථ දැක්විය හැකිය. එවෙනි ඕනෙම
ආකාරයකට සන්නිවේදනය සදහා පණිවිඩයක් ලබා දෙන්නකු නැතහොත් සන්නිවේදනය කරන්නෙකු ද
අවශ්‍ය වේ.මෙමෙ ක්‍රියාවලිය එක පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට දැනුම් දීමක්
හෝ සමුහයක් විසින් තවත් කණ්ඩායමකට කරනු ලබන දැනුවත් කිරීමක් විය හැකිය . මෙහිදී
කිසියම් කෙනෙකු විසින් පණිවිඩය ලබන්නෙකු සිටීම අවශ්‍ය නොවේ.
ලෝකයේ
සන්නිවේදන ඉතිහාසය පිරික්ස බැලීමේදී ඒ සදහා විවිධ ක්‍රම යොදා ගෙන ඇති බවත් සන්නිවේදන ක්‍රම සංවර්ධනය
වෙමින් වීත් වත්මන් අවධිය වන විට විද්‍යුත් මාධ්‍ය ,මුද්‍රිත මාධ්‍ය දක්වා
වැඩිදියුණු වී ඇත. මෙහිදී පුරාණයේ සිටම වචන බාවිතයෙන් කරනු ලබන වාචික සන්නිවේදනය
විවිධ ක්‍රම මෙන්ම වාචික නොවන ක්‍රමද උපයෝගී කරගෙන තිබේ. කථා කිරීම ,ගයන කිරීම,හඬ ස්වාරදිය,වාචික
සන්නිවෙදනයේ ප්‍රධානම අංගයක් වන අතර වාචික නොවැම සන්නිවේදනයට උදාහරණ වශයෙන් මුද්‍රා
, සංකේත, සංඥා , ලේඛණ ,රූප සටහන් , සිතුවම් , කැටයම් හා මුර්ති අඩිය පුරාණයේ සිටම
ලෝකයේ සියලුම දියුණු ශිෂ්ටාචාර වල යොදාගෙන ඇති බවට ශාක්ෂි හමුවී ඇත. මෙකි වාචික
නොවන සන්නිවේදන ක්‍රම පිළිබඳව විග්‍රහයක් කරන පි.ඩබ්ලිවු.පොටර් මහතා ප්‍රධාන
වශයෙන් එය අංග සතරකට බෙදා වෙනකොට ඇත.ඒවා නම්,
1.
ශාරීරික
2.
සෞන්දර්්‍යාත්මක
3.
සංඥා
4.
සංකේත
යනුවෙනි.
ශාරීරික , මෙය පෞද්ගලික සන්නිවේදන ක්‍රමයකි .එහිදී මුහුණින්
සිය හැගීම් දැක්වීම, හඬ ,ස්වර ,ශරීර ස්පර්ශ කිරීමෙන් කරනු ලබන දැනුම් දීම් අදාල
ශාරීරික ඉරියවු අයත් වේ.
සෞන්දර්්‍යාත්මක , මේ
යටතට නිර්මාණාත්මක සන්නිවේදනය අයත් වේ. සංගීත බැඳ වාදනය, නර්ථනය, සිතුවම්,මුර්ති,
මේ සදහා උදාහරණයි.
සංඥා , මේ තාක්ෂණික සන්නිවේදන ක්‍රමයක් වන අතර
උදාහරණ ලෙස කොඩියක් වැනිම, ගන්ථාර නාද කිරීම , පණිවිඩ හගවන නාලා , බෙර වැනි දේවල්
හඳුනා ගත හැකිය.
සංකේත ,
ලෙස ආගමික සංකේත , තත්වය හගවන සංකේත ආදී ය වේ.
ජන සන්නිවේදනයේ
ආරම්භය
අතිපුරාණයේ
සිටී මානවයන් විසින් පමණක් නොව සතුන් විසින් ද සිය අදහස් එක්තරා ප්‍රමානයකට
හුවමාරු කර ගැනීම උදෙසා මෙම ක්‍රම උපයෝගී කරගන්න ලදී. විශේෂයෙන් විවධ පක්ෂීන්
මෙන්ම සිවුපාවුන් ද ඔවුන්ට අනතුරක් ඇති බව දැක්වීමට හෝ ආහාරයක් ලැබී ඇති බව හෝ
සතුට දැක්වීමට විවිධ හඬ ක්‍රමය යොදා ගන්න ආකාරය කෙනෙකුට ඒ පිලිබදව හොද දැනුමක් ලබා
ගත හැකිය.වනයේ දඩයම් සදහා ගැවසෙන මිනිසුන් ට හෝ වනයේ ජිවත් වෙන මිනිසුන් ට සතුන්ගේ
විවිද සන්නිවේදන ක්‍රම තුලින් නිසි අවබෝදයක් ලබා ගත හැකි බවක් මානව හදුනා ගත
හැකිය.නිදසුනක් ලෙස ගතහොත් නිවසේ ජිවත් වෙන බලල එම නිවසට අමුත්තෙකු පෙමිනෙන විට අක
හඬකිනුත් ස්වාමියා පැමිණෙන විට තවත් හඬකිනුත් වෙනත් සතෙකු පෙමිනෙන විට තවත් හඬකිනුත්
බුරයි.ඒ ඒ සිදුවීම් දෙස බැලීමේදී සන්නිවේදනයේ විවිධ ස්වරූප හඳුනා ගත හැකිය.තවත්
උදාහරණයක් ගතහොත් කුකුලන් සහ කපුටන්ගේ කෑ ගැසීම දවසේ ඉර උදාවන අවස්ථාවේදී දැක ගත
හැකිය.මීට අමතරව ගෙදර ඉදිරිපිට ඇඹුල් ගසක සිට කපුටෙකු කෑගැසුවොත් නිවසට අමුත්තෙකු
පැමිණෙන බව කියවේ.
භාෂා
මාධ්‍ය ඇතිවීම
සිය
අදහස් අනික් යට සන්නිවේදනය කරලීම උදෙසා තම කටහඩ ක්‍රමානුකුලව හසුරුවා යොදා ගැනීම්
නැතහොත් කිසියම් ගැලපීම් රටාවක් අනුව ශබ්ධ උච්චාරණය කිරීමේ ක්‍රමයක් හුරුපුරුදු
කොටගෙන එය වැඩි දියුණු කිරීමෙන් සමාජයේ සාමාජිකයන් සමග අදහස් හුවමාරු කරගැනීම සඳහා
කථා කිරීමේ භාෂා නිර්මාණය කිරීමේ හැකියාව මානව වර්ගයට සන්නිවේදන ඉතිහාසය ඉතාමත්
වැදගත්ය. පුරන ලෝකය ක්‍රමයෙන් සංවර්ධනය වීමත් සමගම විවිධ මානව කණ්ඩායම් ඔවුන්ට
අවේනිකවූ සන්නිවේදන ක්‍රමයක් ගොඩ නාගා
ගන්නට විය . මේ නිසා වත්මන් ලෝකය තුල ඔඋනොවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට විවිධ
මාධ්‍ය හදුනා ගත හැකිය.
මෙහිදී
හඳුනා ගැනීමේදී සිංහල ජන සන්නිවේදනය කොටස් කිහිපයක් යටතේ බෙදා වෙන් කල හැකිය .ඒවා
නම්,
ජන කවි
ජන කථා
ප්‍රස්ථාව පිරුළු
උපදේශ කථා
තේරවිලි
ජන නාට්‍ය
ජන ක්‍රිඩා
ජන වෙදකම
යනාදිය හඳුනා ගත හැකිය. සිංහල ජන සංස්කෘතිය තුල විවිද
කොටස් හදුනා ගත හැකි උවත් වර්තමානය වනවිට සමහරක් කොටස් අභාවයට පත්වී ඇති බව මානව
හඳුනා ගත හැකිය.මේ දේවල් කටින් කට ,පරම්පරාවෙන් පරම්පරාවට පැවත ගෙන අවත
වර්තමානයේදී ග්‍රන්ථ කරණයට ලක්ව ඇති බවක් පෙනේ.
මේ අතුරින් ජන කවි පිලිබදව හදුන්වාදීමක් පහත පරිදි
හඳුනා ගත හැකිය.
ජන කවි
අතීත ජනයා තමන්ගේ
කාන්සියත්,
වෙහෙසත් නිවා ගැනීම
සඳහා යොදා ගත් ජන කවිය විවිධ ක්‍ෂේත්‍රයන්, වෘත්තීන්
ඔස්සේ නිර්මාණය වී ඇත.මෙම ජන කවි ගැමියාගේ ස්වයං නිර්මාණ වශයෙන් දැක්විය හැකිය.
සෑම සාහිතයයක ම වාගේ උගත් කවීන්ගේ මෙන්ම ම ජන කවීන් ගේ නිර්මාණ ද දක්නා ලැබේ.
සිංහල කවින්ගේ ද මේ ස්වභාවය ඇත. උගත් කවීහු සම්මත වියරණ රීති හා ඡන්දස් අලංකාර
රීතීන් ට අනුගත බවමින් නිර්මාණකරණයේ යෙදෙති.
ජන කවිය බිහි වූයේ විධිමත් අධ්‍යාපනයක් නොලද සාමාන්‍ය ගැමි ජනයා
අතුරිනි. යම්කිසි ජන කොට්ටාශයක සිතුම් පැතුම්, සැප දුක් සහ ඔවුන් ගේ ඇදහීම්, ඇගයීම්, ජිවොනොපාය ආගමික
පෝෂණය හා ගැමි සෞන්දර්යය ද ජන කවිය මගින් හෙලි කරන බවයි.ජන කවි ජන ශෘති විශේෂයක් ලෙස සැලකේ. ඊට හේතුව
කාලාන්තරයක් මුළුල්ලෙහි නිර්මාණ කරනු
ලැබූ පොදු ජනයා අතර පරම්පරාවෙන් පරම්පරාවට
අලිඛිත ව පැවත ඒමයි. පැල් කවි, පාරු කවි, නෙළුම් කවි, පතල් කවි
ආදී විවිධ් ජන කවි අද ලිඛිත ව ඇතත් මේවා
අපට උරුම ව ඇත්තේ කටින් කට පැවතෙමින්
පරපුරෙන් පරපුරට ආරක්‍ෂා වූ නිසා ය. සිංහල
ජන කවි අතරට ගැනෙන ලිඛිත ජන කාවය ග්‍රන්ථ කිහිපයක් ද ඇත. යසෝදරාවත, වෙස්සන්තර ජාතක
කාවයය,
තුන්සරණය යනු ඒවා ය.
එට අමතරව ගජමන් නෝනා , රංචාගොඩ ළමයා, අන්දරේ ආදි ප්‍රකට
ජන කවීන් ගැන ද අසන්නට ලැබේ.
ගොයම් කවි, නෙළුම්
කවි,
පැල් කවි, කුරක්කන් කවි ආදී වශයෙන් ජන කවියෙහි
විවිධ ස්වරූප අපට දැකිය හැක්කේ කමත හා පැල ඇසුරු කොට ගෙනය. ගැමි කතුන් එක් ව ගොයම්
පැළ සිටුවීම, වල් පැළ ඉදිරීම හා ගොයම් කපන දර්ශනය ගැමි කවියාගේ
සිත පිබිදවීමට තුඩු දෙන සුන්දර
අත්දැකීමකි. එය සහජ කුසලතාවන් පිරිපුන් ජන
කවියකුගේ අතින් රසවත් කවියකට පෙරළී ඇති අයුරකි .
කෙත මඟින් ගැමියන්ගේ
කුසගිනි දුරු කරනවා පමණක් නොව
ඔවුන්ගේ අනෙකවිද දුක් දොම්නස් හා
ජීවන වෙහෙස පළවා හැර සන්තෘප්තිය ළඟා කෙරේ..
කමතෙහි සුන්දරත්වය ගැමියා දැක ඇති ආකාරය කවියෙන්
මානව කියවෙයි. කෙතක ගොයම් පැළ නීල පහන් දිලිසෙන විට දැනෙන සුන්දරත්වය මෙම
කවි මගින් කවිය මානව නිරුපණය කර ඇත. ගොයම නෙලීම යනු ගැමියන් ගේ සියලු ප්‍රර්ථනා මල්පල ගැන්වීමකි. මෙතුවක් කල් වැගිරූ දහඩිය රන් අස්වනු වට පත් වූ අවස්ථාවෙහි
ඔවුන්ගේ අහිංසක වූ ද, අසමිීත වූ ද සතුට වචනයට නොනගිය හැකි තරම් ය. ඒ අවස්ථවේ ගොයම නෙලන කවියා ජනකවියා
නැටුම්,
ගැයුම්, වැයුම්වලින් සපිරි උත්සවයක් ලෙස ඉදිරිපත් කොට ඇති බව පෙනේ.
විවිධ රැකියාවල නිරත
වූ ගැමියන් සිය දුක්බර ජීවන තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් වූ ජීව වේදනාවන්
අන්තර්ගත කාව්‍ය විශේෂයකි ජන කවි. මෙහි විශේෂ ලක්ෂණය වන්නේ නිර්මාණකරුවකු දැකිය නො
හැකිවීම යි. ඒ අනුව පැල් කවි කියූ තැනැත්තා ගොවියකු ලෙසත්, ගැල්කවි
කියූ තැනැත්තා ගැල් කරුවකු ලෙසත්, පාරු කවි කියූ තැනැත්තා පාරුකරුවෙකු ලෙසත්, අපට
හඳුනාගත හැකි ය. අව්‍යාජව, යථාර්ථවාදීව ජීවන තොරතුරු හෙළි කර, කාව්‍ය
රිතිවලින් පීඩනයට පත් නොවී ගැමියන් නිදහසේ සිය කවි සිතිවිලි ප්‍රකාශයට පත් කර ඇති
අතර අදහස් එක එල්ලේ ප්‍රකාශ කිරීමට තරම් නිහතමානී වූ බවක් ද ජනකවි තුළින් දිස්වේ.
පැල්කවි
කැලෑ එළිකර, හේන් වගා කොට, ඒවා
කිරිවැදී එන කාලයට වන සතුන්ගෙන් වන හානි අවම කර ගැනීමට හේන මැද රූස්ස ගස් දෙබලක ගොවීහු
පැල් තනති. එම තනන පැලේ රාත්‍රී කාලය ගෙවා දැමීමේදී ඇතිවන පාළුව කාන්සිය නිදිමත
පලවා හැරීමට ඔවුහු පැල් කවි ගායනා කළහ. එක් ගොවියකු අරඹන පැල් කවිය ආසන්න ම අනෙක්
හේනේ සිටින තැනැත්තා ද පිළිතුරු වශයෙන් කවියක් කියයි. හේන් යාය පුරා මෙලෙස දිගින්
දිගටම කවි කියැවෙන විට කාන්සිය මඟහැරී සිතට සහනයක් සවියක් දැනෙයි. සතුන්ගේ පැමිණීම
ද වැළකෙයි.
ලස්සන හිමවතේ මා
වී පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන්
පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල
බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම
පැල් රකින්නේ
හිරු දෙවියන් ගිරි
මුදුනින් වඩින තුරා
සඳ දෙවියන් තරු
අතරින් වඩින තුරා
සැම දෙවියන් සිව්
හෙළයෙන් වඩින තුරා
සිව්පද කියමු රට
ඉසුරෙන් පිරෙන තුරා
දුම්බර කෙතේ වැට
බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය
බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර
ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි
දුම්බර කෙතේ නෙළුම්
කැලේ කපා වැට
බැන්ඳා කැත්ත දනී
කුඹුර පුරා දිය
බැන්ඳා කුඹුර දනී
සීනි කකා පැල්
ලැග්ගා පැදුර දනී
මෙදා පැලේ වී
අඩුවා අටුව දනී
අතීතයේ පටන් පැවත ගෙන
ආ මෙම පැල් කවි වර්තමානය වනවිටත් එලෙසම
පවති.නමුත් සමහර අවස්ථා වලදී මේවා වෙනස් වීම් වලට ලක්ව ඇත. ගොවියන් තම
විනෝදාස්වාදය උදෙසාත් ,පාළුව ,කාන්සිය මගහරවා ගැනීමටත් සන්නිවේදනය කිරීමටත් මෙම
පැල් කවි යොදාගෙන ඇත.මේවායෙහි උපමා අලංකරණ.අතිශයෝක්තිය, ස්වාභාවොක්ති අලංකරණය , රූපක
හා වෙනත් අලංකරණ යොදා ගෙන ඇති ආකාරය මානව හඳුනා ගත හැකිය. මෙසේ එක පැලක සිට ගොවියා
කවි ගායනා කරන අවස්ථාවේදී ඊට මදක් දුරින් ඇති පැලෙහි සිටින ගොවියා එයට පිළිතුරු
ලෙස කවියක් ගායනා කරනු ලබයි. මෙමගින් ඔවුන්ගේ කාන්සිය, විඩාව නැති කිරීමට සමත් වෙයි.
කවියා තම කවිය ගායන
කිරීමේදී එලිවැට ආරක්ෂා කර ඇති බවක් මානව
නිරුපණය කෙරේ.ඒමගින් ඔවුන්ගේ සාහිත්‍යමය හැකියාව,කවිත්වය,ගායන කෞශල්‍ය ,නිර්මාණශීලි
කුසලතාවය, මානව නිරුපණය කෙරේ.මිට අමතරව උපමා අලංකරණ රූපක යොදාගෙන ව්‍යංගයෙන්
සමහරක් අවස්ථාවන්හිදී ගායනාකර ඇත.
“ලස්සන හිමවතේ මා
වී පැසෙන්නේ...” මෙම අවස්ථාවේදී අලංකාර උපමා යොදාගෙන ඇති ආකාරය හඳුනා ගත
හැකිය.
මිට අමතරව ඔවුන්ගේ
දුක් ගහට වල තරම මානව මෙහි දක්නට ලැබේ.
“සීනි කකා පැල්
ලැග්ගා පැදුර දනී... “
“දුප්පත්කම නිසයි මම
පැල් රකින්නේ...”
ඉහත දක්නට ලැබෙන
ආකාරයට පැල් කවි පිලිනදව කෙටි හැදින්වීමක් කල හැකිය.
එකල ගොයන් විසින් තම
ගොවිපලවල්වල සිටි ආකාරය එහිදී වැඩ කටයුතු කල ආකාරයත්,තම අස්වෙන්න ,තම ජිවොනොපය හා
පවුල රැක ගැනීම උදෙසාත් මොවුන්ගේ වෙහෙස මහන්සිය පිලිබදවත් මනා වැටහීමක් මෙහිදී ලබා
ගත හැකිය.
නෙළුම් කවි
ගැමියන් ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවිතැනෙන්
පසුව එළඹෙන විවේක කාලය ගොඩ ගොවිතැනින් භෝග වර්ග නිපදවා ගැනීමට යොදා ගනී. බිම
සැකසීම, වැපිරීම, පැළ සිටුවීම,
මල් නෙළීම, අස්වනු
නෙළීම ආදී කාර්යයන් ඉටු කර ගැනීමේදී කාන්තා සහය ද ලබා ගනී.ගොයම් කැපීමේ කාර්යයට
පෙර ද දෙවියන්ගේ අවසර ලබා ගැනීම ගැමියන් ගේ සිරිතකි. ඉතා ගෞරවනීය ආකාරයෙන් ඉර සඳ
හා මිහිකත දෙවියන්ගෙන් අවසර ලබා ගනී.
තෙල්ගාලා හිස පීරන් නෑනෝ
ඇටවැල අරගෙන
බැඳගන් නෑනෝ
සේලේ ඉණවට ඇඳගන් නෑනෝ
ගොයම් නෙළන්නට අපි
යමු නෑනෝ
කෙනෙක් කවිය පුරමින්
මුල් පදය කියනවා
අනෙක් සැවොම එම පදයම
රුවට කියනවා
නොයෙක් තාලේ කවි සී
පද කියා නෙළනවා
රැසක් පිරිස් එක් වී
කවි අසා සිටිනවා
දුම්බර කෙතේ වැට
බැඳලා රැකුම් බැලුම්
මහවැලි ගඟේ දිය
බැඳලා කෙතට ගිලුම්
බොළඳ ලියන් කර
ඔසවා බලන බැලුම්
තුන්පත් රටාවයි
දුම්බර කෙතේ නෙලුම්
ඉහත උදාහරණ වලින්
පෙන්නුම් කරන ආකාරයට අතීතයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවත ගෙන ආ පැල් කවි තුලින්
මිනිසාගේ පාළුව, මහන්සිය,කාන්සිය මකා ගැනීමටත් ඔවුන්ට විනෝදාස්වාදය උදෙසාත් මේවා
යොදා ගෙන ඇති බව මානව හඳුනා ගත හැකිය. කවියා තම කවිය ගායන
කිරීමේදී එලිවැට ආරක්ෂා කර ඇති බවක් මානව
නිරුපණය කෙරේ.ඒමගින් ඔවුන්ගේ සාහිත්‍යමය හැකියාව,කවිත්වය,ගායන
කෞශල්‍ය ,නිර්මාණශීලි කුසලතාවය, මානව නිරුපණය කෙරේ.මිට අමතරව උපමා අලංකරණ රූපක යොදාගෙන
ව්‍යංගයෙන් සමහරක් අවස්ථාවන්හිදී ගායනාකර ඇත.
“තෙල්ගාලා හිස පීරන් නෑනෝ...”
“ඇටවැල අරගෙන
බැඳගන් නෑනෝ...”
මෙහිදී පෙන්නුම් කරන
ආකාරයට ස්ත්‍රීන් ගොයම් කැපීම සඳහා යාන ආකාරය කවියා මානව නිරුපණය කර ඇත.
කමත් කවි
කැපු ගොයම එක්රැස් කර
තබන ස්ථානය කමත ය. ගොයම පෑගීම මැඩීම බොහෝ විට රාත්‍රි කාලයේ දී ද සිදු වේ. මේ අතර
තුර ඇතිවන නිදිමත ගතිය වෙහෙස කාන්සිය මකා දැමිමට කියන ලද ජනකවි ‘කමත් කවි’ යනුවෙන්
අදහස් කෙරේ. උකුණු ගහ, බානා, කටුමානා, යතුර, දැත්ග ආදී කමතේදී භාවිත කරන සුවිශේෂී භාෂාවක් ද තිබේ.
වැද්ද නොදී
කම්මැලි ඇරපල්ලා
යුද්ධ ලෙසට
සැරසී සිටපල්ලා
සුද්ද වචන කවි
පද පවසල්ලා
සද්ද නාද ඝෝෂා කරපල්ලා
බල බල සවියෙන් වැඩ කරපන්නේ
කෙළ කෙළ ඇත් රළ සේ
සිට ගන්නේ
රැළ රැළ යන ලෙස
අහුරු දමන්නේ
කෙළ පළ කර ගොයම්
සිට ගන්නේ
කරලා ආදර කැදවා ගන්නේ
වැරලා මද ගොයමේ
සිට ගන්නේ
වැරලා මද ගොයමේ
සිට ගන්නේ
කරලා වැඩ දියවර
නා ගන්නේ
ඔවුන්ගේ සාහිත්‍යමය
හැකියාව,කවිත්වය,ගායන කෞශල්‍ය ,නිර්මාණශීලි කුසලතාවය, මානව නිරුපණය
කෙරේ.මිට අමතරව උපමා අලංකරණ රූපක යොදාගෙන ව්‍යංගයෙන් කවි ඉදිරිපත් කර ඇත.උදාහරණයක්
ලෙස ගත් කල,
“යුද්ධ ලෙසට
සැරසී සිටපල්ලා...”
“කෙළ කෙළ ඇත් රළ සේ
සිට ගන්නේ...”
“රැළ රැළ යන ලෙස
අහුරු දමන්නේ...”
ඉහත පෙන්නුම් කරන
ආකාරයට ගෙවිලියන් ගොයම් ක්පිම උදෙසා යන්නේ ඉතා දරුණු යුද්දයකට යන ආකාරයෙන් බව කවිය
ඉතාමත් අලන්කරණයෙන් දක්වා ඇත.ඒ බව ඉහත උදාහරණයෙන් මානව විග්‍රහ කෙරේ.ඔහු පවසන
ආකාරයට ඇත රැළ මෙන් සිටගෙන විර්යෙන් යුතුව ගොයම් කැපීම උදෙසා සුදානම් වෙන්න
යනුවෙන් නිර්මාණශීලිව පවසා ඇත.මෙමගින්
ඔවුන්ගේ මන කවිත්වය නිරුපණය කෙරේ.
මෙහිදී ගෙවිලියන් ගොයම්
කපන ආකාරය,ඔවුන්ගේ හැසිරීම් රටාවන් හා එහිදී සිදුවන සෑම දෙයක් ගැනම මෙම කවි වල
අන්තර්ගතය.
පතල් කවි
ඉතා අවධානම් වූත් , බියකරු වූත් පතල් රැකියාව , පොළව යටට කණින ලද ආවාටයක පතුළේ සිට හරස් අතට දිවෙන දිගේ
යටින් මිනිරන් හා මැණික් ඉල්ලම් සොයා යමින් , ඒවා
පොළොව මතුපිටට එවීමේ ක්‍රියාවලියයි. දෝනා දිගේ පොළව යටින් යාම අවදානම් සහගතය.
මැණික් ඉල්ලම් සොයා ඒවා කඩා උඩට එවීම දවස පුරාම කළ යුතුය.ආහාර වේල ද , බීමට ලැබෙන වතුර ද වැඩ කරන අයගේ සුළු අඩු පාඩුවක් වූ
විගස බරපතල දඩුවම් හිමිවීම ද දුෂ්කර වූ ක්‍රියාවලියකි. ඒ බව කවියා සිහියට නංවන්නේ
මෙසේය.
ඉන්නේ දුම්බරයි මහ
කළු ගලක් යට
කන්නේ කරවලයි රට හාලේ
බතට
බොන්නේ බොර දියයි
පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය
දකින්නට
මහ බෝගලට අපි ඇවිදින දුකා
ගැට්ට නැති මුට්ටි
පොඩියේ උයා කකා
පනන් විස්ස ණය වෙනකොට
සිතේ දුකා
සතර වරම් දෙවි
පිහිටෙන් නොවන් දුකා
පතල් කවි මගින්
පෙන්නුම් කරන්නේ අන්ත අසරණ දුප්පත් මිනිසුන් පතල් කර්මාන්තයේ යෙදෙන අවස්ථාවලදී තම
දුක ,කවි පද වල් වලට මුසු වී ඇත.
“...කන්නේ කරවලයි රට
හාලේ බතට
බොන්නේ බොර දියයි
පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පිය
දකින්නට”
ඉහත උදාහරණයෙන් ඒ බව
මානව පෙනේ.ඔහු පවසන ආකාරයට “යන්නේ කවදාද මව්පිය දකින්නට” යන්නෙන් ඔවුන්ගේ දුක් ගහට මානව නිරුපණය වේ.
මෙහිදී හඳුනා ගත හැකි
ආකාරයට පතල් කර්මාන්තය තුල වැඩ කටයුතු සිදු වෙන ආකාරය හා ඒ හා සම්බන්ද ආම්පන්න පිලිබදවත්
මනා දැනුමක් වර්තමාන සමාජයට ලබා ගත හැකිය.මෙහිදී පතල් කර්මාන්තයේ සිදුවන ක්‍රියාවලින්
ඒ ආකාරයෙන්ම කවියට් නාග අහි අවස්ථාද මෙහිදී හඳුනා ගත හැකිය.එමගීන් වර්තමන් සමාජයට
අදහසක් ලබා ගත හැකිය.
ගැල් කවි
ඈත අතීතයේ පටන් භාණ්ඩ
ප්‍රවාහනයට ගැල යොදා ගනී.ගැල ඇද ගැනීමේ මෙහෙවරට දායකත්වය ලබා දුන් ගවයා ගැල්කරුට
සම්පතකි.ගැලේ බැදි ගොනාට ගෙජ්ජි වැලක් , නළල්
පටියක් හා අං වලට ලස්සන කොපු යොදා සැරසීමත් , රාත්‍රී
සමයේදී නිදිමත , විඩාව , පළුව , කාන්සිය
දැනෙන විට ගැල්කරු කවියක් කියයි. අනිත් ගැල්කරු තව පදයක් කියයි. ගොනා ද කවියේ
රිද්මයෙන් පිබිදී නව ජීවයක් ලබා ඉදිරියට ඇදෙයි. ගැල්කරුගේ විඩාව නිදිමත මග හැරෙයි.
බොහෝ කවිවල ගවයා විදින දුක ගැන උණු වන හදවතින් යුතුව , ගැල්කරුවන් කියන වේදනාත්මක ප්‍රකාශන කවියට පෙරලේ.
කළුගල් තලාලයි පාරට දමන්නේ
එම ගල් පෑගිලයි ගොනු
කුර ගෙවෙන්නේ
ගොනා නෙවෙයි මිනිහයි
බර අදින්නේ
කිරිගල් පොත්ත කන්දයි
පෙනෙන්නේ
දුප්පත්කමට ගොන් බැඳ
ගෙන දක්කනවා
කන්ටත් නැතිව දිව රෑ
අප වෙහෙසෙනවා
ගොන්ටත් නොයෙක් වද දී
අප දක්කනවා
දැන්වත් දුකට දෙවියෝ
පිහිටක් වෙනවා
පාරු කවි
ඈත අතීතයේ සිටම ඇළ
මාර්ග හා ගංගාවන් ඔස්සේ පාරුවල බඩු පටවා ගෙන සතියක් හෝ ඊට වැඩි කාලයක් ගමන් ගන්නා
විට දී ඇතිවන කායික හා මානසික පීඩාවන් සහ ගෙදර දොර සිහිපත් වීමත් ගමන් මාර්ගයේ
සම්බාධක නිසා සිතිවිලි බිංදු වැටෙන කබයමට පත් වීම වැනි කටුක වේදනාවන්හී ද, පාළුව
කාන්සිය ස්වභාව ධර්මයේ බලපෑම නිසා හෝ සිතේ සතුට පහව යන විටදී ද ගැයූ කවි පාරු කවි
නම් වේ. සැබෑ ජීවන තොරතුරු අන්තර්ගත අව්‍යාජ සිතුවිලිවලින් පෝෂිත මෙම කවිවල ජීවන
සුවඳ නොඅඩුව හමා එයි.
සූරිය උදා වන තුරු
පිනි බෑවිල්ල
පාරුව පදින තුරු ජලයේ
සෙලවිල්ල
මාරුව බල බලා සිත යට
කැරකිල්ල
කාරිය කෙරෙන තුරු
කාගෙත් රැවටිල්ල
ඔන්න මලේ ඔය නාමල
නෙළා වරෙන්
අත්ත බිඳෙයි පය
බුරුලෙන් තබා වරෙන්
කැලණි ගඟේ ඔරු යනවා
බලා වරෙන්
සාධුකාර දී ඔරුවක
නැගී වරෙන්
වෙනත් ජන කවි වල මෙම
පාරු කවි වලත් මනා කවිත්වයක් දක්නට ලැබේ.විවිධ අලංකරණ විධි භාවිත කර ඇත.
“කාරිය කෙරෙන තුරු
කාගෙත් රැවටිල්ල” මොවුන්ගේ ඉවිතයේ ඇති
කටුකත්වය මෙහිද මානව පෙන්නුම් කෙරේ.
පාරු කවි මගින්
පෙන්නුම් කරන ආකාරයට ඔවුන්ගේ ජිවන තොරතුරු පිලිබදවත් , ජිවිතයේ විදින්නට සිදු වන දුක් ගහට පිලිබදවත් මනා
අවබෝදයක් ලබාදෙයි.මිට අමතරව හඳුනා පාරුව හා ඔවුන් ජිවිතව බැඳී ඇති ආකාරය මානව විග්‍රහ
කෙරේ.
තේරවිලි
තේරවිලි ප්‍රදාන
වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.එනම්,
සරල තේරවිලි
තුන් තේරවිලි
සරල තේරවිලි
ගින්නක්
නැතුව නගින දුම -
මීදුම
කැලයේ නැති ඉන්න
- යකඩ ඉන්න
ඔක්කොගෙම මල්ලි
- කොත්ත මල්ලි
ඔක්කොගෙම අක්කා - වට්ටක්කා
තනි කකුලෙන් ඉන්න
සුද්දා
- හත්ත
අහසට දිග රිට
- වැහි බින්දුව
තුන් තේරවිලි
රේප වතුර - රේප නම් කොම්බු , වතුර නම්
ජලය = කොම්බු ජලය , ජම්බු කොළය
කෙලවර හපහපා - කෙලවර නම් කොණ , හපහපා
නම් කකා = කොණ කකා , කණ කොකා
මෝඩ රුකුල් - මොඩ නම් ගොං ,
රුකුල් නම් අඩ = ගොං
අඩ , අංගොඩ
සරුංගල් නූල - සරුංගල් නම් කයිට් , නූල නම්
ලණුව = කයිට් ලණුව , ලයිට් කණුව
අහුර හූම් හූම් - අහුර නම් පිඩ , හූම්
හූම් නම් බස්සා = පිඩ බස්සා , බඩ පිස්සා
ජන කථා
අන්දරේගේ අවසන්
විහිළුව ...
අවුරුදු ගනනාවක්ම
රජවාසලේ, ඒ කියන්නේ රජතුමාගේ මාළිගාවේ කවටයා, එහෙමත්
නැත්නම් විහිළුකාරයා හැටියට රාජකාරි කරපු අන්දරේ මහළු වයසට එළැඹුනා. ඉතිං අන්දරේ
තීරණය කළා රජතුමාගේ සේවයෙන් අයින් වෙලා නිදහසේ තමන්ගේ උපන් ගම වෙත යන්න. රජතුමාවත්
මාළිගාවේ අනෙක් අයවත් කැමති වුනේනම් නෑ අන්දරේ මාළිගාව අතහැරල යනවට. මොකද කියනවනම්
අන්දරේ ඉන්න තැන කවදත් සිනහව නොඅඩුව තිබුන නිසා. මොනව වුනත් අන්දරේගේ ඉල්ලීම
නොසලකා ඉන්නත් බෑ. අන්තිමට රජතුමා අන්දරේට අවසර දුන්නා තමන්ගේ උපන් ගම බලා පිටත්
වෙන්න. රජ මාළිගාව තිබුනේ කන්ද උඩරට මහනුවර. අන්දරේගේ ගම පිහිටලා තිබුනේ මහනුවරින්
ටිකක් දුර. රජතුමාගෙන් අවසර අරගත්තු අන්දරේ පහුවදා උදේම තමන්ගේ ගමට යන්න පිටත්
වුනා.
ඒ ගමන් මග දුෂ්කර
එකක්. ඒ කියන්නේ හුගක් අමාරුකම් වලට මුහුණදෙන්න අන්දරේට සිද්ධ වුනා. අද කාලේ වගේ
නෙවෙයි. පාරවල් වැටිලා තිබුනේ මහා ඝන කැලෑ මැදින්. මිනිස්සු ඉන්න ගම්මානයක්
මුණගැහුනේ ඉදහිට. අනික දැන් අන්දරේ හුගාක් මහළුයි. ඒක නිසා ශරීරයත් දුර්වලයි.
තැනින් තැන නැවතෙමින්, විවේක ගනිමින් අන්දරේ ගමන් කළා.
මෙහෙම අමාරුවෙන් ගමන්
කරපු අන්දරේ එක ගහක් යට නැවතුනා. අන්දරේට දැන් හුගක් මහන්සියි. වතුර තිබහයි. ඒත්
වතුර ටිකක් ගන්නවත් අන්දරේට අමාරුයි. ඒ තරමටම වයසයිනේ. වතුර ටිකක් ඉල්ලගන්න කෙනෙක්
ළගපාත ඉන්නවද කියල අන්දරේ බැලුවා. ඒත් කවුරුවත්ම නෑ. අන්තිමට අන්දරේට මෙන්න මේ
කවිය කියවුනා.
රිදී කලේ රන් කොතලේ
බීපු මට
නිකම් කලේ පැන්
නැතිවිය පිපාසෙට
කොට්ට මෙට්ට ඇද
ඇතිරිලි තිබුන මට
මෙහෙමත් කල යාද පළු
වීර ගස් යට
අන්දරේ රජ වාසලේ ඉන්න
කාලේ වතුර බිව්වේ රන් රිදී කොතල වල. කොතලය කියන්නේ වතුර බොන්න ඒ කාලේ පාවිච්චි
කරපු භාජනයක්. කලය කියන්නේ වතුර දාල තිබුන ලොකු භාජනයනේ. ඉතිං මෙහෙම රිදී කලයක
දාපු වතුර රන් කොතලයකින් බීපු අන්දරේට අන්තිමට නිකම් කලයක වතුර ටිකක්වත් හොයාගන්න
බැරිවුනා. නිකම් කලය හදන්නේ මැටිවලින්. ඒකෙ වතුර බිවිවෙ සාමාන්‍ය මිනිස්සු.
රජවාසලේ ඉන්න කාලේ
අන්දරේ නිදාගත්තෙ සුවපහසු කොට්ට මෙට්ටවල වුනාට දැන් මේ වයසක අනදරේ පළු ගහක් යට
විවේක ගන්නවා. පළු වීර කියන්නේ ලංකාවෙ වැවෙන පළතුරු වර්ග දෙකක්. සිනිදු ඇතිරිලි මත
නිදියගෙන පුරුදු අන්දරේ පළු ගහක් යට හෙවනේ බිම වැතිරිලා මහන්සියට.
මෙහෙම විවේකගන්න
හිතාගෙන ගහයටින් වැතිරුණු අන්දරේ ඒ විදිහටම මියගියා. අන්දරේ මියයන්න කලින්
වැතිරිලා හිටියේ අතපය හතර විහිදාගෙන. හරියටම X අකුරෙ හැඩේට. ගහ යට
නිදියගෙන හිටපු අන්දරේගේ මළකද ගමේ මිනිස්සුන්ට හමුවුනා. ඒ අය අන්දරේගේ මිනිය X අකුරේ
හැඩේට හදපු පෙට්ටියක තැන්පත් කරලා මේ ශෝකජනක පණිවිඩය රජතුමාටත් දැන්වුවා. රජතුමා
තමන්ගේ හිතවත්ම සේවකයාගේ මළගමට රජවාසළේ අනෙක් සේවකයින් සමග ආවා. ඒ ආව අයට අන්දරේගේ
මිනී පෙට්ටිය දැකල හිනහව නවත්වගන්න බැරිවුනා. ඇයි අමුතුම හැඩයේ මිනීපෙට්ටියක්නේ.
"අන්දරේ මැරිලත්
අපව හිනස්සනවා" කියල රජතුමා ඒ වෙලාවෙ කිව්වා.
ලංකාවේ ජන කථා
පිලිබදව හඳුනා ගැනීමේදී විශාල වශයෙන් ජන කථා හඳුනා ගත හැකිය.උදාහරණයක් ලස ගත
කල,අන්දරේගේ කථා,මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි හා වෙනත් කථා හඳුනා ගහ හැකිය.එමගින් උපදේශයක්
දෙන අවස්ථාවන් විෂා ලෙස හඳුනා ගත හැකිය.
ජන වෙදකම
1. සෙම්ප්‍රතිශ්‍යාවක්
සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන
වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න.
සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.
2. සෙම්ප්‍රතිශ්‍යා
උණට
අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි.
මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ ලුණු අනුපානය කොට උදේ සවස පත භාගය බැගින්
බොන්න.(වඩි 3 පමණ)
ජන ක්‍රිඩා
අපේ ඉතිහාසය වසර
දෙදහස් පන්සියයක් දක්‌වා විහිද යන බව නොයෙක් තැන්හි සඳහන් වුණ ද එය ඉන්දීය
ඉතිහාසය මෙන් තුන් ගුණයක් ඉක්‌මවා යන වසර 30,000 කට නොවැඩි කාලයක් දක්‌වා පැතිර ගොස් ඇති බව බලංගොඩ
මානවයාගේ පොසිල පරීක්‍ෂණ ඔස්‌සේ සිතාගත හැකිය. එතරම් දිගු කාලයක් මුළුල්ලේ අපේ
මුතුන් මිත්තන් කළ කී දැ පිළිබඳව විමසීමේදී ශ්‍රී ලාංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය
මොනවට පැහැදිලි වේ.
පොර පොල් කෙළිය, අං කෙළිය, බහු
කෙළිය,
තට්‌ටු පැනීම, ගුඩු ගැසීම, ලුණු
පැනීම,
ඔන්චිලි වාරම්, දිය කෙළිය, තිරික්‌කල
රේස්,
ඔළිද කෙළිය, එළුවන් කෙළිය, මී කැඩීම, මේවර කෙළිය, පංච
දැමීම,
ස්‌වර්ණමාලය, විරුදු තාල, කවි
කෙළිය,
සොකරි, අවුරුදු විලක්‌කුව නැටීම, කන්දෙ දෙවියන්ට පොල් ගැසීම, කඹ ඇදීම, ලිස්‌සන
ගහ නැගීම,
ඔත්තෙ ඉරට්‌ටේ ගැසීම, බූ කෙළිය, නෙරංචි
කෙළිය,
කට ගැසීම, ජල්ලි ගැසීම, රබන්
කෙළිය,
චක්‌ගුඩු පැනීම, වළකජු ගැසීම, බඹර
කෙළිය,
පනා හැංගීමේ කෙළිය, කොට්‌ටා පොර ගැසීම ආදිය අතීතයේ අතිශය ජනප්‍රිය වුණු ජන
ක්‍රීඩාවන් විශාල සංඛ්‍යාවකින් කිහිපයක් පමණි.
ඉහත පැල් කවි, පතල්
කවි,නෙලුම් කවි , කමත් කවි , පාරු කවි ,ගැල් කවි සදහා උදාහරණ හඳුනා ගත හැකිය .මෙවැනි
ජන කවි කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට පැවත එන්නකි . මිට අමතරව තවත් කවි වර්ග, ජන
කථා ,ජන නාට්‍ය , ජන ක්‍රීඩා සහ තවත් බොහෝ දේ හඳුනා ගත හැකිය. මෙහිදී සලකා බැලිමේදී
කටින් කටට පැවත ගෙන ආ මෙම සංස්කෘතික හරයන් වර්තමානය වන විට ටිකෙන් ටික වෙනස් වෙමින් පවතී .නිදසුනක් ලෙස
නමුත් වර්තමානය වන
විට ජනකවි සංරක්ෂණය කරමින් පවතියි. .උදාහරණයක් ලෙස ගත කල් විවිධ කතුවරුන් විසින්
ග්‍රන්ථ රචනා කර ඇත. උදාහරණයක් ලෙස ගත කල ජන කවියේ ඉතිහාසය ,ජන කවි
වැනි පොත හඳුනා ගත හැකිය. සමහරක් අවස්ථාවලදී ජන කවි විකෘති වී ඇති බවක් හඳුනා ගත
හැකිය. මෙසේ පරම්පරාවෙන් පරම්පරාවට ,කටින් කට පැවත ගෙන ආ ජන කවි සුදු සුළු වෙනස්
වීම්ද සමහරක් අවස්ථා වලදී සම්පුර්ණයෙන්ම අභාවයට පත්වීමක් ද හඳුනා ගත හැකිය. මිට
අමතරව ජන කවි හා ශ්‍රිලංකීජන සංස්කෘතිය ආරක්ෂා කිරීමටත්,ඒවා සංරක්ෂණය කිරීමටත්
විවිධ සංව්ධාන ගොඩගැනැගී ඇත .උදාහරණයක්
ලෙස ගත කල “රන්වල පදනම” හඳුනා ගත හැකිය.
👍👍
ReplyDelete