ජිවිත රහස් කියන උපන් ලප.

සිංහල ජන සංස්කෘතියත් සමඟෝගිව පැවමෙම විඳ්‍යාවන් අේ සිට පැවත එන්නකි.

මිනිස් ජිවිතය පිලිබදව පුදුම සහගත අනාවැකි පවසන ශාසුතු විධි හා ක්‍රම පැරැන්නන් අතර ප්‍රචලිතව පැවතුනි.එ බව දේහ ලක්ෂණ ශාස්ත්‍රය මගින් හදුනා ගත හැකිය. මේ එ පිලිබදවයි.
යම් කාන්තාවකගේ නළල් තලයේ හරි මැද උපන් ලපයක් පිහිටීම ඉතාමත් වාසනාවන්තය. ඇය තම සැමියා දු දරුවන්ට මහත් සේ ආදරය කරන පතිදම් සුරකින කීකරු ,ගුණ යහපත්කමින් අනූන කාන්තාවකි.
පිරිමින්ගේ දකුණු උරහිසෙහි උපන් ලපයක් පිහිටීම සෞභාග්‍යය පෙන්වන සංකේතයක් වන අතර වම් උරහිසෙහි උපන් ලපය ඇත්තා ගුණ හීනයෙකි. නාසයේ දකුණුපස උපන් ලපයක් පිහිටීම අවාසනාවන්ත ලකුණකි.නාසයේ වම්පස පිහිටීම ඉසුරු සම්පත් ලැබීම පෙන්වයි. කොපුල් තලයේ එවැනි ලපයක් පිහිටීම වාසනාවන්ත දරුවන් ලැබීමට මෙන්ම සංගීත කලා කටයුතු වලට දක්ෂ බව හෙලි කරයි.

ලයෙහි දකුණු පැත්තේ උපන් ලපයක් පිහිටි පිරිමියා මාට වඩා උගත් ධනවත් කාන්තාවක් හා විවාහ වෙයි. උපන් ලපය පිහිටියෙ ළය මැදනම් ඔහු දුෂිත චරිතයක් ඇත්තෙකු වන අතර ළය මැද ලපය පිහිටියෙනම් ඔහු කාමාධික පුද්ගලයකි.
දකුණු තනයේ ඉන්නකු හො තල කළලක් පිහිටීම ධනවත් විමේ ලකුණකි. වම් තනයේ නම් ලපය පිහිටියේ ඇයට දුක උරුම වන්නේය. ස්ත්‍රීයකගේ දකුණු පියයුරෙහි උපන් ලපයක් පිහිටියෙ නම් ඇය ස්වාමියාට  ප්‍රිය වන්නීය. බෙල්ලේ පිහිටි උපන් ලපය බොහො දුරට වාසනා ගතියක් පෙන්වන අතර වාසවන්ත විවාහ  දිවියක් ගත කරයි. මෙවැන්නන් ශ්‍රේෂ්ඨ චරිතයක් ඇති අතර දුටුවන් මන බදියි.

යම් කාන්තාවකගේ මුහුණේ දකුණු පස රතු ඉන්නකු හෝ තල කැළලක් පිහිටියේ නම් අඅය හදිසියෙ ධනවත් වන කරුණාව මෛත්‍රීය  ඇති  තැනැත්තියකි. මුහුණේ වම්පස ඉන්නකු පිහිටියෙ නම් ඇය රාගාධික මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවන්ය.
කම්මුලෙහි ලප පිහිටීම පුරුෂ පක්ෂයට  හිතකර නොවේ සෙම් රෝග බහුල කරවයි. නහය මත ලප පිහිටීම පිරිමියාට අහිතකරය. ඔහුගේ  බාහුවෙහි ලප පිහිටියොත් ගමෙන් පිට  ජිවත්  වන බව කියවේ.අතෙහි ලප පිහිටෘම මානසික වේදනා ඇති බවත් නිදන්ගත රොග ඇති අතර මසුරු නොවන බව කියවේ.පපු පෙදෙසේ ලප පිහිටීම කාර්යක්ෂමබව කියවේ.
කාන්තාවකගේ ඇහි බැම ලග ලප පිහිටීම  නොසිතු ලෙස විවාහ වන ලකුණකි.පිරිමියෙකුගේ ඇගිලි වල ලප පිහිටීම පෙර පිනෙන් දියුණු වන බවත් එවා උදරයෙ  ඇත්නම් ක්‍රමක් ක්‍රමයෙන් දියුණු වේ.

නැබෙහි ලප පිහිටිම වාසනාවන්ත බව පෙන්වයි.නිරන්තර ශෝකයෙන් සිටින්නන්ගේ නිකටෙහි ලප ඇති අතර නිකටෙහි  කැළලක් පිහිටීම අවාසනාවන්ත වේ.කාන්තාවකගෙ  නිකටෙහි ලපයක් ඇත්නම් නොගැළපෙන විවාහයක් කර ගන්වා අතර ඉන්නෙක් තිබිම වාසනාවන්ත විවාහයකි.දකුණුපස ඉන්නකු තිබිම වස්තු ලාභ ඇති කරයි.


Comments

Popular posts from this blog