ජන කවි

කරත්ත කවි 

බොහෝ ජන කවි ගැමි ජනයාගේ ජීවන වෘත්තීන් හා බැඳී පවතී. කරත්ත කවි යනු ගැමියන් විසින් එදිනෙදා භාණ්ඩ ප්‍රවාහනයේදි තමන්ගෙ කාන්සිය, මහන්සිය, දුක, පීඩාවන් මෙන්ම පාලුව මකා ගැනීමේ අරමුණින් ගායනා කරන ලද කවි වර්ගයන් වේ. 

තණ්ඩලේ දෙන්නා දෙපලේ     දක්කනවා 
හපුතලේ කන්ද දැකලා බඩ             දනවා 
කලු කැලේ ගාලේ නොලියා වද    දෙනවා 
පවු කළ ගොනෝ ඇදපන් හපුතල්   යනවා 

කලු ගල් තලාලයි පාරට                     දමන්නේ 
එම ගල් පෑගිලයි ගොන් කුර         ගෙවෙන්නේ 
ගොනා නොවෙයි හරකයි බර            අදින්නේ 
කිරි ගල් පොත්තෙ කන්දයි මේ     ගෙවෙන්නේ 

බත උයලා කා බී අපි සිත                 සයුර 
තණ කවලා ගොන් දෙන්නට දී         වතුර 
නතර වෙලා අද රෑ ගාලෙහි                වැතිර 
එළිවන යාමෙ පිට වී යමු හිත             මිතුර 

බණේ කොහොම කීවත් පවු පල    දෙනවා 
පිනේ අරුම නොසිතා අපි        පහුවෙනවා 
ගොනේ උබටත් කළ පවු දැන්  තේරෙනවා 
අනේ ගොනේ ඇදපන් මීගමු            යනවා 

Comments

Post a Comment

Popular posts from this blog