සිංහල ජන ක්‍රිඩා අතීතයේ පටන් මිනිසා තම වෙහෙස මහන්සිය නිවා ගැනීමටත් ,විනෝදාස්වාදය,සමගිය සහයෝගය වර්ධනය කර ගැනීම උදෙසාත් ජන ක්‍රිඩා නිර්මාණය කරගෙන ඇත.නමුත් වර්තමානය වනවිට මෙයින් බොහොමයක් පරිහානියට ලක්වී ඇත.නමුත් පාරම්පරික ගම්මාන වල තවමත් මේවා පැවත එයි.එය ඉතාමත් හොද තත්වයකි.අපි මේවා ආරක්ෂා කරගත යුතුය.එය අපගේ යුතුකමක් හා වගකීමක් වන්නේය. මේවර කෙළිය මේවර කෙළිය කාන්තාවන්ගේ ක්‍රීඩාවක්. මේවරයෙන් කණ පළඳන ආභරණයක්, වළල්ලක් හෝ මෙහෙකරුවෙක් නිරූපණය වෙනවා. කාන්තාවක් තම මේවරයා දුටුවාදැයි මිතුරියන්ගෙන් ප්‍රශ්න කරන අතර තමන් එය නොදුටු බවට පිරිස දිවුරනවා. නමුත් එය සඟවාගෙන සිටින්නේත් ඔවුන් විසින්මයි. මෙම සිදුවීම සංවාදමය ගීතයක් ලෙස ඉදිරිපත් වෙනවා. පනා හැංගීම සාමාන්‍ය ව්‍යවහාරයේදී ලේන්සු හැංගීම සහ හවරි හැංගීම ලෙස හඳුන්වන මෙම ක්‍රීඩාවෙන් කිසියම් භාණ්ඩයක් සඟවා එය සෙවීමට දරන උත්සාහය නිරූපණය වෙනවා. උකුණො වැටෙන පනාවා. ලේඬි වැටෙන පනාවා. අපි නොදිටිමු පනාවා. දියන් නෑනෝ පනාවා. එළුවන් කෑම එළුවකු සහ කොටියෙකු අතර ඇතිවන දෙබසක අකාරයෙන් සිදුවන මේ ක්‍රීඩාවේ පිල් දෙකක් තියෙනවා. මෙහිදී තරඟයේ ස්වභාවය
Comments
Post a Comment