Posts

Showing posts from November, 2017

ඖෂධීය ශාක

Image
හෙළ වෙදකමට අත දුන් අපේ ඖෂධීය ශාක  ගොටුකොළ කරදමුංගු අක්කපාන  කහ  පාවට්ටා  පුස්ඇට  කටුවැල්බටු කොහොඹ  කෝමාරිකා  කරපිංචා  නෙල්ලි  පොල්පලා  සුදුහදුන්  හාතවාරිය 
Image
මාතර බස් වහරේ අපුරුව             අප සෑම දෙනාම දන්නා පරිදි ප්‍රදේශයෙන් ප්‍රදේශයටබස් වහරේ වෙනස්කම් පවතී. ඔවුනොවුන් තම තමන්ගේ අදහස් හුවමාරු කරගනු ලබන්නේ ඔවුනටම ආවේණික වූ බසක් උපයෝගී කර ගනිමිනි. ·       සීමිත බව                            හින්නිකිතර ·       ස්වල්පයක්                          ඩිංගිත්තක්,පොඩිත්තක් ·       කූඹීයන්                               හින්නන් ·       මොකටද                             මක්කටෙයි ·       ඔබ                                     ඔහේ ·       කෙට්ටු                               හීන්‍නි  ·       මස් හා මාලු වර්ග                මාලූ ·       එළවළු                                ව්‍යංජන ·       බත් උයනවා                      බත් පිසිනවා ·       කෙසෙල් මුව                    වතුමොයියා ·       කීර/ මැල්ලුමට ගන්නා     කොළ පලා ·       පොලොස්                       පැහි ·       කොස්                             හෙරලි ·       කරපිංචා                         කරපුන්චා ·       පපඩම්                            පප්පඩම් ·       ගස්
Image
රබන් පද රබාන පිළිබඳව කතා කිරීමේදී ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන බිහි වූ බව ජන විශ්වාසය වේ. මෙය ක්‍රීඩාවක් ලෙස සලකන අතර මුලින්ම රබන් පද බුදුන් හා දෙවියන් උදෙසා වැයිම ආරම්භ කර අවසර පතයි. රබන් වැයිම, අත් මාරු කිරිම, තාලන් ලෙස රබන් වාදනයේ පියවර තුනක් පවතී. රබන් සුරල් වැයීමේදී රබාන වටා හය දෙනෙකු වාඩි එයි. තිදෙනෙක් රබාන වයන අතර අනෙක් තිදෙනා ඒ තලයට රංගනයේ නියැලේ. අත් මාරු කිරීමට ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයම සහභාගි වෙයි. තාලන් වලදී වුලින් ගීතය ගායනා කර පසුව එය රබානෙන් වාදනය කර පෙන්වනු ලබයි.    ඔන්න ඔන්න මල්        මෙන්න මෙන්න මල්   දෙමට දෙමට මල් සමන් පිච්ච මල්                       තේක්ක නැන්දේ තේක්ක නැන්දේ  තේක්ක මාමා කොයි                   ගහෙන් වැටීලා කොන්ද කැඩීලා     කුල්ලෙන් වහලා දොයි රං රඹුටන් ගස් දෙකයි     වලි කුකුලන් පස් දෙනයි        උන්ගේ කරේ බොත්ත්මයි   බලන්න හරි ලස්සනයි     රන් තැඹිලි ගස් දෙකයි          ගොන් තැඹිලි ගස් දෙකයි       ගස් දෙකට මල් දෙකයි           මල් දෙකට ගෙඩි දෙකයි 

ජන කවි

කරත්ත කවි  බොහෝ ජන කවි ගැමි ජනයාගේ ජීවන වෘත්තීන් හා බැඳී පවතී. කරත්ත කවි යනු ගැමියන් විසින් එදිනෙදා භාණ්ඩ ප්‍රවාහනයේදි තමන්ගෙ කාන්සිය, මහන්සිය, දුක, පීඩාවන් මෙන්ම පාලුව මකා ගැනීමේ අරමුණින් ගායනා කරන ලද කවි වර්ගයන් වේ.  තණ්ඩලේ දෙන්නා දෙපලේ     දක්කනවා  හපුතලේ කන්ද දැකලා බඩ             දනවා  කලු කැලේ ගාලේ නොලියා වද    දෙනවා  පවු කළ ගොනෝ ඇදපන් හපුතල්   යනවා  කලු ගල් තලාලයි පාරට                     දමන්නේ  එම ගල් පෑගිලයි ගොන් කුර         ගෙවෙන්නේ  ගොනා නොවෙයි හරකයි බර            අදින්නේ  කිරි ගල් පොත්තෙ කන්දයි මේ     ගෙවෙන්නේ  බත උයලා කා බී අපි සිත                 සයුර  තණ කවලා ගොන් දෙන්නට දී         වතුර  නතර වෙලා අද රෑ ගාලෙහි                වැතිර  එළිවන යාමෙ පිට වී යමු හිත             මිතුර  බණේ කොහොම කීවත් පවු පල    දෙනවා  පිනේ අරුම නොසිතා අපි        පහුවෙනවා  ගොනේ උබටත් කළ පවු දැන්  තේරෙනවා  අනේ ගොනේ ඇදපන් මීගමු            යනවා 
Image
 යකෙක් කන්න බඩගිනියි.. බොහෝම ඉස්සර කාලේ අපේ රටේ ඈත ගම්මානෙක තමයි මේ සිදුවීම සිද්ධ වුනේ. මේ ගමේ හිටියා හරිම යහපත් නුවණක්කාර ගොවියෙක්. මෙයා තමයි ඒ ගමේ ගමරාළ. ගමරාළ කියන්නේ ඉස්සර කාලේ ගමේ හිටපු පාලකයා. ගමේ නායකයා වගේ කෙනා. මෙන්න මේ ගමරාළ දවසක්දා හේනක් කොටන්න හිතාගෙන උදේ පාන්දරින්ම ගෙදරින් පිටත්වුනා. ඉස්සර අපේ රටේ උදවිය උදේ පාන්දරම නැගිටින්නත් කලින් නින්දට යන්නත් හුරුවෙලා හිටියේ. ඒක නිසා තමයි අපේ මේ ගමරාළත් උදේ පාන්දරම හේන කොටන්න පිටත්වුනේ.හේන කියන්නේ අපේරටේ මින්ස්සු වගාකටයුතු සදහා යොදාගත්තු කැළෑ බිමට. ඒ කැළේ තිබුන ගස් කපලා එළිකරගෙන ඒකෙ එළවළු වර්ග හිටවන එක තමයි හේන් ගොවිතැන කියලා කියන්නේ. ඉතිං ඔන්න උදේ පාන්දරම ගෙදරින් පිටවුන ගමරාළ පැයක් දෙකක් කැළේ ඇතුලේ ඇවිදගෙන ගියා. හේනක් කොටන්න සුදුසු තැනක් හොයාගත්තු ගමරාළ, එතන තිබුනු ගස් කපල එතන සුද්ධ කරන්න පටන්ගත්ත. මේ ‍කැළේ තියෙන ලොකු ගස්වල තමයි යක්කු ජීවත් වෙන්නේ. යක්කු මිනිස්සුන්ට වඩා බලවත්. හැබැයි යක්කුන්ට බය නැති මිනිස්සුත් ඉස්සරකාලේ හිටියා. යකාට බයයි කියල පෙන්නුවොත් යකා ඒ මනුස්සයාට කරදර කරනවා. හැබැයි යකාව බයකරගත්තොත් යකාට කියල වැඩ කරගන
Image
ජන සංස්කෘතිය තුල සන්නිවේදනයේ භූමිකාව ලෝකයේ ඕනෑම ප්‍රදේශයක කුමන කාලයක වූවද පැවති ශිෂ්ටාචාරයක හෝ  සමාජයක සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වන්නේ දැනුම රැස් කිරීම හා බෙදාහැරීමය.මිනිසා විසින් කාලයෙන් කාලයට රැස් කරගන්න දැනුම මීලග පරම්පරාවට දායාද කරදීමය. මිනිසා තම දැනුම උපයෝගී කරගෙන නව නිපැයුම් කිරීමටත් , සොබාදහම පාලනය කිරීමත් ෙභෟතික  සම්පත් මිනිසාගේ ප්‍රයෝජනය සදහා පරිවර්තනය කිරීමට පෙළඹීම ප්‍රතිඵලත් වශයෙන් ප්‍රාථමිකසමාජ ජීවිතය ගතකල මිනිසා 21 වෙනි සියවස තුල සමාජය දක්වා පිවිසි ඇත . එසේ පිය නැගීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ සන්නිවේදනයයි . සන්නිවේදනයේ අර්ථ නිරුපණය සන්නිවේදනය යනු යම්කිසි තැනෙත්තෙකු විසින් කිසියම් මාධ්‍යක් උපයෝගී කරගෙන තවත් කෙනෙකුට කිසියම් තොරතුරක් පණිවිඩයක් දැනවීම සේ සරලව අර්ථ දැක්විය හැකිය. එවෙනි ඕනෙම ආකාරයකට සන්නිවේදනය සදහා පණිවිඩයක් ලබා දෙන්නකු නැතහොත් සන්නිවේදනය කරන්නෙකු ද අවශ්‍ය වේ.මෙමෙ ක්‍රියාවලිය එක පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට දැනුම් දීමක් හෝ සමුහයක් විසින් තවත් කණ්ඩායමකට කරනු ලබන දැනුවත් කිරීමක් විය හැකිය . මෙහිදී කිසියම් කෙනෙකු විසින් පණිවිඩය ලබන්නෙකු සිටීම අවශ්‍ය